Posts

Showing posts from June, 2018

රොනාල්ඩෝද හොද මෙසීද හොද??

Image
ඔන්න ඉතින් අද අපි එන්නේ මේ දවස් වල කතාවෙන බරපතලම මාත්ෘකාවක් අරගෙන. ෆුට්බෝල් කියන්නෙ  ලෝකෙ තියෙන ජනප්‍රියම ක්‍රීඩාවනේ. ෆුට්බෝල් කිව්වම එකපාරටම අපිට මතක් වෙන විශේෂ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි Cristiano Ronaldo සහ Lionel Messi කියන දෙන්නා. හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කවුද මේ දෙන්නගෙන් වැඩියෙන්ම හොද කියන එක. ඉතින් අපි අද ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරයක් ගෙනාවා. කියවලාම බලන්නකෝ...😋 මුලින්ම අපි බලමු මෙසී ගැන…  මෙසීගෙ සම්පූර්ණ නම තමයි Lionel Andres Messi. ඔහුගේ ජාතික කණ්ඩායම ආජන්ටිනාව. ඔහු ඉපදිලා තියෙන්නේ 1987 ජූනි 27 ආජන්ටිනාවේ රොසාරියෝ වලදී. ඔහුගේ උස අඩි 5යි අගල් 7ක්. ශරීර ප්‍රමාණයෙන් ටිකක් පුංචි උනත් මෙයාගෙ දක්ෂකම්වලින් නම් අඩුවක් නෑ. අවාසනාවකට මොහුට වයස අවුරුදු 11දී Growth Hormone Deficiency කියන රෝගයට ගොදුරු වෙන්න සිදුවෙලා තියෙනවා. ඔහුගේ දස්කම් දැකපු ස්පාඤ්ඤයේ බාසිලෝනා ෆුට්බෝල් ක්ලබ් එක ඔහුගේ ප්‍රතිකාරවලට මුදල් ආධාර ලබාදෙන්න ඉදිරිපත්වෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙසී එදා ඉදන් අද වෙනකල් බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නේ.. දැන් අපි බලමු රොනාල්ඩෝ කියන්නේ කවුද කියලා. රොනාල්ඩෝ

2018 වර්ෂයේදී නම් කරන ලද සුපිරිම ජංගම දුරකතන 10 මෙන්න.......

Image
ඔන්න මේ ආටිකල් එකෙන් ඔයාලට ගේන්නෙ ගොඩක් අය ආස කරන Mobile Phones ගැන. ඉතින් මේ ආටිකල් එකෙන්  2018 වර්ෂයේදි නම් කරල තියෙන හොදම Mobile Phones 10 ගැන ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනව..Mobile Phones කියන්නෙ ඉතින් ගොඩක් අය ආස කරන දෙයක්.ඔයාල කැමතිම Mobile Phone එකත් මෙතන තියෙනවද බලන්නකො එහෙනම්...                    10 One Plus 6  හැම අතින්ම හොද phone එකක් අඩුමිලට ගන්නවනම් මේ phone එක හොද තේරීමක්.      Release Date            : May 2018 Weight                      : 177g OS                            : Android 8 Screen Size              : 6.28 inch CPU                         : Snapdragon 845 RAM                        : 6-8 GB Storage                     : 64-128-256 GB Battery                     : 3,300mAh Rear camera             : Dual 16MP Front camera            : 16MP                      9 Samsung Galaxy S8 Plus  අඩු ගානකට ගන්න පුලුවන් ලොකු screen එකක් තියෙන phone එකක්. ඕනම තත්වෙකදී සුපිරියටම photo capture කරන්න පුලුවන් විදිහෙ camera එකක් මේ phone එකට තියෙන එක විශ

මිනිසුන් විසින් තැබූ අද්භූතම වාර්තා.. Insane records that made by human..

Image
ඔන්න ඉතින් අද ආටිකල් එකෙන් අපි ඔයාලට ගෙනාවා ටිකක් අමුතු දේවල් ටිකක් ගැන. මිනිසුන් විසින් එදාමෙදා තුර තැබූ අමුතු වාර්තා කීපයක්. කියවලාම බලන්නකෝ මොනාද ඒ කියලා… 1.දිගම කනේ මයිල් ඇති මිනිසා ඇහුවමත් හිනා යනවා නේද. මෙයා ඉන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ. මෙයාගෙ නම තමයි ඇන්තනී වික්ටර්. වාර්තා වන විදියට මෙයාගෙ කනේ මයිල් ගසක් අගල් 7.12 පමණ දිගක් වෙනවා. වාර්තාවක් නම් තමයි. ඒත් ඒක ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්ද කියන එක නම් ටිකක් ප්‍රශ්නයක් නේද? 2.විශාලම ඇස් තිබෙන ගැහැණිය මේක නම් දැක්කම ටිකක් බය හිතෙනවා. මෙයා ගැහැනු කෙනෙක්. මෙයාගෙ නම කිම් ගෝඩ්මෑන්. මෙයා ජිවත් වෙන්නේ ඇමෙරිකාවේ. මෙයාට තියෙනවා අද්භූත හැකියාවක්. ඒ තමයි මෙයාට පුලුවන් එයාගෙ ඇස් බෝල දෙක ඇස පිහිටලා තියෙන ස්ථානයෙන් අගල් 0.47ක් ඉදිරියට ගන්න.  3. වඩාත්ම ඇදෙන සමක් ඇති මිනිසා මෙයාගෙ නම ගැරී ටර්නර්. මෙයා ඉන්නෙ බ්‍රිතාන්‍යයේ. මෙයාට එයාගෙ හම අගල් 6.25 වගේ ප්‍රමාණයක් අදින්න පුලුවන්. හිතාගන්නවත් බෑ නේද. මේක ඔහුට උපතින් ආපු හැකියාවක් නම් නෙමෙයි. Ehlers-danlos syndrome කියන රෝගය නිසා තමයි ඔහුට මේ හැකියාව ලැබිලා තිය

මෙන්න 2018 වර්ෂයේ වේගවත්ම කාර් 10.. Top 10 Fastest Cars In The World..

Image
කාර් කිව්වම ගෑනු ළමයි පිරිමි ළමයි කියලා භේදයක් නෑ. වයස් භේදයක් නැතුව ගොඩ දෙනෙක් ආසා කරන දෙයක්. ඒ වගේද රේසින් කාර් කිව්වම. අපි හැමෝම ආසයි නේද?  ඉතින් අපි අපේ පලවෙනි ආටිකල් එක විදියට ඔයාලට ගෙනාවා 2018 වර්ෂයේ වාර්තා පොත් අතරට එක්වුනු ලොව වේගවත්ම කාර් 10 ගැන. බලන්නකො ඔයා ආසම කාර් එකත් මෙතන තියෙනවද කියලා😎… 10.McLaren F1 උපරිම වේගය-241 MPH එන්ජිම-BMW M V12 කාබන් ෆයිබර්වලින් නිමවූ බදකින් යුක්තයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි රියදුරු අසුන පිහිටා ඇත්තේ රථයේ මැද වීමයි. 9. Koenigsegg CCR උපරිම වේගය- 278 MPH බර- 215 Kg V8 එන්ජිමකින් සමන්විතයි. අසුන් දෙකක් සහ දොරවල් දෙකකින් යුක්තයි. වේගය 0 සිට 100 kmh දක්වා වැඩි කරගැනීමට ගතවන්නේ තත්පර 3.2 ක කාලයක් පමණයි. 8.Saleen S7 උපරිම වේගය-248 MPH එන්ජිම-7.0 liter V8 ඇමෙරිකාවේ ප්‍රථම Mid Engined supercar එක ලෙස මෙය සැලකෙනවා. වේගය 0 සිට 60MPH දක්වා වැඩි කරගැනීමට මෙයට ගතවන්නේ තත්පර 3.3 වැනි ඉතා සුලු කාලයක්. 7.Tesla Roadster, Aston Martin Valkyrie වේගවත්ම කාර් ලැයිස්තුවේ සම පස්වෙනි  ස්ථානය දිනාගැනීමට කාර් දෙකක්