හිතාගන්න බැරිතරම් මිල අධික දේවල්.....



 ඉතින් මේ ආටිකල් එක්න අද අපි කතා කරන්න යන්නෙ එසේ මෙසේ දේවල් ටිකක් ගැනනම් නෙවෙයි. මේ ආටිකල් එකෙන් අපි අද කියන්න යන්නෙ දැනට ලෝකෙ වැඩිම මිලකට හිමිකම් කියපු වටිනාම දේවල් ටිකක් ගැන. මේවගෙ මිල ගනන් හිතාගන්න බෑ වගෙ හිතුනත් , ඇත්තටම මේවට මේ වටිනාකම හිමිවෙලා තියෙනව කියන එකනම් පුදුම සහගතයි.

 Crystal Piano
       මිල - $3.2 million


ගොඩක් ‍ අය සන්ගීතෙට කොචර ආස වුනත් මේවගෙ පියානෝ එකක් ගන්නනම් කවදාවත් හිතන් නැතිවෙයි.මේකෙ විශේෂත්වය තමයි සම්පූර්නයෙන්ම මේක හදල තියෙන්නෙ දියමන්තිවලින්. ඒ නිසා තමයි මේ පියානෝ එකට මෙචර වටිනා කමක් ලැබිල තියෙන්නෙ. මේ පියානෝ එක තමයි Beijing Olympic Games වලදි යොදාගෙන තියෙන්නෙ. ඕනම සංගීතඥයෙක් මේ ලොකෙ තියෙන මේ වටිනාම පියානෝ එක වාදනය කරන්න අකමැතිවෙන එකක්නම් නෑ.


A Photograph Called Rhein II
        මිල - $4.3 million



Rhein II කියන්නෙ ඉහලම මිලකට අලෙවිවුන ඡායාරූපයක්. මේ ඡායාරූපය අරගෙන තියෙන්නෙ ජර්මන් ජාතික කලා කරුවෙක් වන   Andreas Gursky විසින්. ඔහුවත් මේ photo එක ගන්නකොට හිතන්න නැතුව ඇති මේකට මෙචර වටිනාකමක් හම්බෙයි කියල. මේ photo එක අරන් තියෙන්නෙ  1999 වර්ශයේදී. 2011 වර්ෂයීදී තමයි මේ photo එක  $4.3 millionකට වෙන්දේසි වෙලා තියෙන්නෙ.


 Gold-Plated Bugatti Veyron
        මිල - $10 million


 
මේකනම් හිතාගන්න බැරිවිදිහෙ වාහනයක්. Bugatti කිවම කවුරුත් දන්නව ගොඩක් මිල   අදික වාහන කියල. ඉතින් මේ රත්තරන් ආලේප කරපු විශේෂ Bugatti Veyron   කාර් එක සාමානය Bugatti කාර් එකකටත් වඩා මිල අදික වෙලා තියෙනව. මේ කාර් එක විශේෂයෙන්ම නිශ්පාදනය කරල තියෙන්නෙ Middle-Easternන් බිලියන පතියෙක්ට.











The Domain 'Insure.com'
   මිල - $16 million
  

 
   Internet පාවිච්චිකරන ඕන කෙනෙක් දන්නව domain කියන්නෙ මොකක්ද? ඒවගෙ මිල ගනන් කොහොමද කියල. ඒත් මේ domain එකට හම්බෙලා තියෙන වටිනාකමනම් ටිකක් හිතාගන්න බෑ. ගිනස් වාර්තා පොතට අනුව Insure.com domain එක තමයි දැනට අලෙවි වෙලා තියෙන මිලෙන් අදිකම domain එක.මේක හිමිකාරිත්වය තියෙන්නෙ Quinstreet කියන කැලිෆෝනියා වෙළද සමාගමකට.




 

Watch Made from 201-Carat Gemstones
   මිල - $25 million


    මේක වේලාව බලන්න ගන්න පුළුවන් වටිනම අත් ඔරලෝසුව කිවොත් වැරදි නෑ. මේ ඔරලෝසුව හදල තියෙන්නෙ කැරට් 201 දියමන්ති 874කින් වීම තමයි මේ ඔරලෝසුව මෙචර ගණන් වෙන්න හේතුව. වේලාව රන් හා සමානයි කියන කතාව,මේ ඔරලෝසුවෙන් වෙලාව බැලුවොත්නම් කොහොමත් ඇත්ත වෙනව.

1963 Ferrari GTO
  මිල - $52 million

    


     1963 වසරේදී නිෂ්පාදිත Ferrari GTO  රථය දැනට වැඩිම මිලකට අලෙවි වී තිබෙන classic රථයයි. මේ මිලට මෙම රතු පැහැති Ferrari රථය හිමිකරගත් පුද්ගලයා කවුද කියන එකනම්  සදහන් වෙන්නෙ නෑ.



The Graff Pink Diamond
   මිල - $46 million



      මේ Graff Pink දියමන්තිය ලොවපුරා ජනප්‍රිය දියමන්තියක් වීම විශේෂයි. Sotheby’s වෙන්දේසියේදී බ්‍රිතාන්‍ය ජාතික බිලියනපතියෙක් වන Laurence Graff විසින් මෙම කැරට් 24 වටින දියමන්තිය ඩොලර් මිලියන 46ක් ලබා දී මිලදීගෙන තියෙනව. මේ Graff Pink දියමන්තියෙ රෝස පැහැය, රෝස පැහැති ෂැම්පේන් වලට සමාන බව කියවෙනව. 





Antilia
  මිල - $1 billion



     මෙච්චර වටින මේ ගොඩනැගිල්ල ගෙයක් කිවොත් ඔයාල විස්වාසකරන එකක් නෑ.. මේ ගොඩනැගිල්ල මුලින්ම නම් කරල තියෙන්නෙ මිථ්‍යා සහගත දිවයින කියල. දැන් මේක හදුන්වන්නෙ Antilia කියන නමින්. තට්ටු 34කින් සමන්විත වන මේ ගොඩනැගිල්ල, ඕනෑම භූමිකම්පාවකට ඔරොත්තු දෙන විදිහට තමයි හදල තියෙන්නෙ. මෙය වාහන 160ක් නවතා තැබිය හැකි රථගාලකින් මෙන්ම helipad 3කින් සමන්විත වීම විශේෂත්වයක්. ගොඩනැගිල්ලෙ අති විශාලකම නිසාම මේක පවත්වාගෙන යාමට දවසපුරාම වැඩ කරන සේවකයින් 600ක කාර්‍යමඩලයකුත් ඉන්නව. මේ ගොඩනැගිලෙ හිමිකාරිත්වය දරන්නෙ ඉන්දියානු බිලියන පතියෙක් වන මුකේෂ් අම්බනි.


The History Supreme Yacht
  මිල- $4.5 billion



      මේකනම් සාමානය බෝට්ටුවක් නෙවෙයි. මේ බෝට්ටුව හදල තියෙන්නෙ ඝන රත්තරන් සහ ප්ලැටිනම් යොදාගෙන. මේ බෝට්ටුවේ ඇත්තම ඩයිනෝසර් ඇටකටුවලින් හදපු පිළිම කිහිපයකුත් තියෙනව කියල සදහන් වෙනව. මැලේසියානු ව්‍යාපාරිකයෙක් තමයි මේ බෝට්ටුව මිලදීගෙන තියෙන්නෙ.

Comments

  1. 1xbet korean sportsbooks - Legalbet.co.kr
    You can bet with our online 메리트카지노총판 sports betting platform. We provide 1xbet korean sports betting markets with 제왕카지노 an excellent variety of online sports.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකෙ තියෙන ලස්සනම තැන්..

ඇහැටවත් පේන්නෙ නැති අරුම පුදුම දේවල්.. කොහොම හදලද මන්දා..