ඇහැටවත් පේන්නෙ නැති අරුම පුදුම දේවල්.. කොහොම හදලද මන්දා..

මේ  ආටිකල් එකනම් ලොකු එකක් නෙවෙයි. එහෙම කියන්න හේතුව තමයි මේ ආටිකල් එකෙන් ඔයාලට කියන්න යන්නෙ ලෝකෙ තියෙන ප්‍රමාණයෙන් පොඩි දේවල් ටිකක් ගැන.. හිතා ගන්න බෑ වගේ වුනත් ඇත්තටම මේව නිර්මාණය කරල තියෙනව කියන එක නම් පුදුමසහගතයි. මේව ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන්  එකත් විශේෂ‍යි.


අහුවෙන් නැතුව වෙඩි තියන්න පොඩිම තුවක්කුව


මේ තුවක්කුව හ්දුන්වලා තියෙන්නෙSwissMiniGun කියන නමින්. මේකෙ ප්‍රමානයත් එක්ක බැලුවහම මේක නිකන් තුවක්කුවක අනුරුවක් කියල ඔයලට හිතෙයි. ඒත් මේක ඇත්තටම වෙඩිතියන්න පාවිච්චි කරන්න පුලුවන් තුවක්කුවක්. ඉතාමත් කුඩා ප්‍රමානයේ උණ්ඩ 270mph වඩා වැඩි වේග්‍යෙන් වෙඩි තියන්න මේ තුවක්කුවෙන් පුලුවන්.


තේ දාන්නනම් මදිවෙන Teapot එක     


 මේ ලෝකෙ පොඩිම සෙරමික් තේ පෝචිය හදල තියෙන්නෙ අවු.73 වයස චීනයේ කීර්තිමත් කුඹල් කරුවෙක් වන Wu Ruishen විසින්. ඉතින් මේ පොඩිම පොඩි තේ පෝචිය බරින් 1.4 grams පමණයි වෙන්නෙ. ඇතෙන්ම මේ වගේ පොඩිවට තේ පොචියක හැඩය තියෙන විඩ්දිහට, විශේෂයෙන්ම මැටි වලින් හදන්න ලොකු හැකියාවක් වගේම ඉවසීමත් තියෙන්න ඔනී.


ඇහැට පේන්නෙත් නැති මාළුවා 


          මේ ලෝකයේ කුඩාම මාළුවා හොයාගෙන තියෙන්නෙ ඉන්දුනීසියාවෙ සුමාත්‍රා දූපත් වල වගුරු බිමකදී.
හොදින් වැඩුනු මේ වර්ගයේ මාළුවෙකුගෙත් උපරිම දිග 7.9 mm පමණ තමයි වෙනව කියන්නෙ.


මේකනම් සෙල්ලම් කරන්න තරම් teddy bear කෙනෙක් නෙවෙයි


 මේ teddy bearගෙ උස 5mm. මේක නිර්මානය කරල තියෙන්නෙ ජර්මන් ජාතික කලාකරුවෙක් වන Bettina Kaminski විසින්. මේකෙන්නම් සෙල්ලම් කරන්න ටිකක් නෙවෙයි සෑහෙන්න අමාරු වෙයි....

නැගල යන්නනම් මේ කාර් එක ඇතිවෙයිද මන්ද


1962 සිට 1965 දක්වා නිෂ්පාදනය කරන ලද Peel P50 එක තමයි දැනට නිෂ්පාදිත කුඩාම කාර් එක. බ්රිතාන්යයේ  නිෂ්පාදිත කුඩාම මෝටර් රථය බ්රිතාන්යයට විකුණන්නේ පවුම් 200 කට.
 ජනප්‍රිය බ්රිතාන්ය  Top Gear වැඩසටහනේ එක් පරිච්ඡේදයකදී Jeremy Clarkson විසින් මේ මෝටර් රථය  ධාවනය කරල තියෙනව. රෝද තුනක් පමණ්ක් තියෙන මේ රථයට 49cc එන්ජිමක් තියෙනව. ඊට අමතරව එක් අසුනක්, එක් දොරක් තමයි මේ කාර් එකට තියෙන්නෙ. මේ පොඩි කාර් එකට  පැයට කිලෝ මීටර 72 ක වේගයෙන්  ධාවනය කිරීමට හැකියාව තියෙනව. 


තවත් හිතා ගන්න බැරි තරම් දේවල් වල photo ටිකක් බලමු.....

පොඩිම camera එක



මදුරුවෙකටත් වඩා පොඩි Drone  

                              
පොඩිම බලු පැටියා



 පොඩිම Jet Airplane එක 


මේකනම් Tv Screen එකක් කිව්වට ඇහට පේනවද මන්ද 

Comments

Popular posts from this blog

හිතාගන්න බැරිතරම් මිල අධික දේවල්.....

ලෝකෙ තියෙන ලස්සනම තැන්..